දූෂණ වංචා පිළිබඳව සමාව අයදින පාප් වහන්සේ

Published
වතිකානය සහ රෝමයේ නගර සභාව තුළ මෑතදී සිදුව ඇති දූෂණ වංචා පිළිබඳ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියහ.
සමලිංගික සම්බන්ධයක් පවත්වා ගෙන ආ පෝලන්ත ජාතික පූජකවරයකු වතිකානයේ ඔහු දැරූ තනතුරෙන් පසුගියදා පහ කෙරුණ අතර, පාප් වහන්සේ සිය ප්‍රකාශයේදී එම පූජකවරයා අදහස් කරන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
කණස්සල්ල යොමු වෙමින් ඇති අනිත් සිද්ධිය දූෂණ සහ වංචා චෝදනා යටතේ රෝමයේ නගරාධිපතිවරයා මේ සතියේදී ඉල්ලා අස්වීමයි.
වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී සිය බැතිමතුන් ඉදිරියේ සතිපතා කෙරෙන දේශනයේදී පාප් වහන්සේ මෙසේ ප්‍රසිද්ධයේ සමාව අයැදීම ඉතා කලාතුරකින් සිදුවන්නක් බවයි වතිකානයේ බීබීසී වාර්තාකරු පවසන්නේ.























