සාගර දූෂණය නිසා මුහුදු ජීවීන් 'අනතුරේ'
Published
කර්මාන්ත ශාලාවලින් පිට කෙරෙන කාබන් ඩයොක්සයිඩ් වායුව හේතුවෙන් කොරල් පර හා ඒ ආශ්‍රිත මුහුදු ජෛව පද්ධතියට දැඩි හානි සිදු වනු ඇති බවට විද්‍යාඥයෝ අනතුරු හඟවති.
ශීඝ්‍ර ලෙස සාගර ජල උෂ්ණත්වය සහ ආම්ලිකතාව ඉහළ යෑම හේතුවෙන් වසර සියයක් යන විට අයහපත් පාරිසරික ප්‍රතිඵල ගෙන දෙනු ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ.