‘ස්රෙබ්‍රෙනිචා’ ජන ඝාතනයේ විසිවැනි සමරුව

Published

1995 බොස්නියාවේ ‘ස්රෙබ්‍රෙනිචා’ ජන සංහාරය සිදු කොට මෙම ජුනි මාසයට වසර විස්සක් සම්පුර්ණ වෙයි.

පැරණි යුගොස්ලෝවියාව රාජ්‍යයන කීපයකට කැබලි වී යාමේ කතන්දරය ආරම්භ වීමත් සමඟ ‘සර්බ්’ හමුදා බොස්නියාවට කඩා වදිමින් ‘ස්රෙබ්‍රෙනිචා’හි සිදු කළ ජන සංහාරය දෙවන ලෝක මහා සංග්‍රාමය අවධියේ නාසි ජන සංහාරයට නොදෙවෙනි අපරාධයක් ලෙසයි සැලකෙන්නේ.

1995 ජූලි 11 සහ 13 අතර සිදු කෙරුණ ජන ඝාතනයට ප්‍රධාන වශයෙන් අට දහසකට අධික බොස්නියානු මුස්ලිම් පුරුෂයන් සහ පිරිමි දරුවන් ගොදුරු වුණි.

‘සර්බ්’ හමුදා නායක රත්කෝ ම්ලදිච් ගේ මෙහෙයුමෙන් සිතා මතාම සූදානම් කරමින් ප්‍රහාරය එල්ල කරන ලද බවයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ ප්‍රකාශ වුනේ