වේදනා නාශක;නූපන් දරුවන්ට හානිකරයි

ඡායාරූප මූලාශ්‍රය, Science Photo Library

Published

පැරසිටමෝල් වලින් මීයන්ට ඇති වන බලපෑම අධ්‍යයනය කළ බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පවසන්නේ ගර්භණී කාලයේ දී කාන්තාවන් වේදනා නාශක භාවිතා කිරීම හේතුවෙන් නූපන් දරුවාගේ ප්‍රජනන ශක්තියට හානි සිදු විය හැකි බවයි.

දින හතක කාලයක් පැරසිටමෝල් ලබා දුන් මීයන් ගේ පුරුෂ හෝමෝනය ඉතා අඩු තත්වයෙන් පැවති බවයි එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් සොයා ගෙන ඇත්තේ.

පරීක්ෂණයට බඳුන් කළ මීයන්ට මානව පටල සාම්පල බද්ධ කර ගර්භණී භාවයට සමාන තත්වයකට පත් කිරීමෙන් අනතුරුවයි එම සතුන් අධ්‍යයනය සඳහා භාවිතා කර තිබෙන්නේ.

පුරුෂ ප්‍රජනන පද්ධතියේ වර්ධනයට ප්‍රධාන සාධකය වන්නේ හෝමෝන බවයි එම විද්‍යාඥයින් පවසන්නේ.

එබැවින් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවන් පවසන්නේ ගර්භණී කාන්තාවන් පැරසිටමෝල් හෝ අසිටමිනොෆෙන් (acetaminophen) වැනි වේදනා නාශක ගත යුත්තේ ඉතා කෙටි කාලයකට අත්‍යවශ්‍ය වන්නේ නම් පමණක් බවයි.