ටජ් මහල මායිමටත් කුණු කන්දක්

අග්‍රා නුවර පිහිටි ලෝසුපතළ ටජ් මහල

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, අග්‍රා නුවර පිහිටි ලෝසුපතළ ටජ් මහල
Published

ටජ් මහල ආසන්නයේ පිහිටි භූමි භාගයක් තුළ මිය ගිය සතුන්ගේ කොටස් සහ කැළිකසල ගොඩ ගැසීම සඳහා ඉන්දීය ආණ්ඩුව අනුමැතිය ලබා දීම පරිසරවේදීන්ගේ විවේචනයට ලක් වී තිබේ.

අග්‍රා නුවර පිහිටි ටජ් මහල සහ රතු බලකොටුව අතර, යමුනා ගං ඉවුරේ පිහිටි විවෘත බිම් තීරය සංචාරක කර්මාන්තය සඳහා සංවර්ධනය කිරීමට මීට ඉහතදී සැලසුම් ගත කර තිබුණි.

නමුත් වංචා සහ දූෂණ චෝදනා එල්ල වීමත් සමග එම ව්‍යාපෘතිය තහනම් කෙරුණි.

ලොව පුරා සංචාරකයන් ඇදී එන ටජ් මහල ආසන්නයේ, මළ සතුන්ගේ කොටස් ගොඩ ගැසීම හේතුවෙන් ලෙඩ රෝග පැතිරිය හැකි බව සංචාරක මඟ පෙන්වන්නෝ පවසති.