නේපාලයේත් නාය යාමක්

බොහෝ නිවාස පස් කන්දේ වැළලී ඇති බවයි පැවසෙන්නේ

ඡායාරූප මූලාශ්‍රය, D Dangal

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ නිවාස පස් කන්දේ වැළලී ඇති බවයි පැවසෙන්නේ
Published

ඊසාන දිග නේපාලයේ සිදුවූ නාය යාමකින් අවම වශයෙන් පුද්ගලයන් අට දෙනෙකු වත් මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් ගණනාවක් අතුරුදහන් වී ඇත.

සිද්ධිය ඇසින් දුටුවකු පැවසුවේ පස් සහ ගල් හදිසියේ කඩා වැටී සුන්කොෂි ගඟ අවහිර වීමෙන් කිලෝ මීටර තුනක් පමණ දිග ජලාශයක් නිර්මාණය වූ බවයි.

මේ හේතුවෙන් ටිබෙටය හා කත්මන්ඩු යා කෙරෙන අධිවේගී මාර්ගයේ කොටසක් වැසීගිය බවයි පැවසෙන්නේ.

ගඟ හරහා සෑදී ඇති මඩ බැම්ම කිනම් මොහොතක හෝ බිඳී යා හැකි බැවින් ගංගාවට පහලින් ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට නිවෙස් වලින් ඉවත්වන ලෙස දැනුම් දී ඇත.