රියෝ නගරයේ ආරක්ෂාව තර කෙරෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty
Published
රියෝ දී ජැනෙයිරෝ නගරය ඉතිහාසයේ විශාලතම ආරක්ෂක මෙහෙයුම සඳහා සුදානම් වෙමින් සිටින බව බ්‍රසීලයේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙකු වන ජෝස් මැරියානෝ බෙල්ට්රේම් පවසයි.
ලෝක පාපන්දු තරඟාවලියේ අවසාන මහා තරඟය පැවැත්වෙන ඉරිදා (13) විසිපන් දහසකට අධික භට පිරිසක ගෙන් සමන්විත පොලිස්, ආරක්ෂක හමුදා සහ ගිනි නිවන හමුදා බලඇනි සේවයේ යොදවා ඇති බවයි පැවසෙන්නේ.
මරකානා ක්‍රීඩා පිටියේ පැවැත්වෙන මෙම අවසාන මහා තරඟයට බ්‍රසීල ජනාධිපති දිල්මා රෝසේෆ් සහභාගී වීමට නියමිතව ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලදමීර් පුතින් සහ ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් ඇතුළු අවම වශයෙන් තවත් රාජ්‍ය නායකයන් නම දෙනෙකු ද සමගයි.
මේ අතර නාවික යාත්‍රා විසි පහක් මගින් රියෝ නගරයේ වෙරළ තීරයට ආරක්ෂාව සලසා ඇති බවයි පැවසෙන්නේ.
























