මෝඩි අගමැති පදවියේ දිව්රුම් දෙයි.
Published
ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝඩි පදවියේ දිව්රුම් දීම උත්සවාකාරයෙන් සිදු කෙරිණ.
ඉන්දියාවේ නව අගමැතිවරයා ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි ඉදිරියේ දිව්රුම් දීමෙන් අනතුරුව නව කැබිනට් මණ්ඩලයේ දිව්රුම් දීමත් සිදු විය.
නව ආණ්ඩුවේ මුදල් ඇමති පදවිය පිරිනැමුණේ අගමැති මෝඩි ගේ කිට්ටු සගයකු වන අරුන් ජේටලිට.
සුෂ්මා ස්වරාජ් ඉන්දියාවේ නව විදේශ ඇමතිවරිය වන්නීය.
නරේන්ද්‍ර මෝඩි අගමැති පදවියේ දිව්රුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සෙසු ආසියානු නායකයෝ ද සහභාගී වූහ.
හෙට අඟහරුවාදා පැවැත්වෙන ද්විපාර්ශ්වීය සාකච්ඡා දෙරට අතර සබඳතා අතින් අලුත් කාල පරිච්ඡේදයක ආරම්භ කිරීමට හේතුවනු ඇතැයි පාකිස්තාන් අගමැති නවාෂ් ෂරීෆ් ප්‍රකාශ කරයි.