සම අයිතීන් ඉල්ලා වීදි බට ඉන්දීය ආබාධිතයෝ

මිලියන හතළිහත් අනූවත් අතර ආබාධිත පුද්ගලයන් ප්‍රමාණයක් ඉන්දියාවේ

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, මිලියන හතළිහත් අනූවත් අතර ආබාධිත පුද්ගලයන් ප්‍රමාණයක් ඉන්දියාවේ
Published

ඉන්දියාවේ ආබාධිත පුද්ගලයන් දහස් ගණනක් දිල්ලි නුවරට රැස් වී සම අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණයක නිරත විය.

මේ පිළිබඳව කෙටුම් පත් කෙරෙනු නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදීයි මෙම උද්ඝෝෂණය දියත් වී ඇත්තේ.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දී සහ රැකියා ලබා දීමේදී ආබාධිත පුද්ගලයන්ට සම සැලකීම් හිමි කර දීම නීති ගත කිරීම සඳහා මෙම පනත හඳුන්වා දී ඇති නමුත් එය සම්මත කිරීම කල් ඇදෙමින් තිබුණි.

මිලියන හතළිහත් අනූවත් අතර ආබාධිත පුද්ගලයන් ප්‍රමාණයක් ඉන්දියාවේ සිටින බවයි ඇස්තමේන්තු කර තිබෙන්නේ.

ඉන්දියාවේ ආබාධිත පිරිස් සමාජයෙන් කොන් වී සිටින බවත් පවුලට බරක් සේ සැලකෙන බවත් ක්‍රියාධරයෝ පවසති.