අන්දමන් මුහුදේ බෝට්ටුවක් පෙරලී 21 ක් මරුට

පෝට් බ්ලෙයාර්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පෝට් බ්ලෙයාර්
Published

ඉන්දියාවේ අන්දමන් හා නිකොබාර් දුපත් වලින් ඔබ්බේ පෙරලුනු බෝට්ටුවක සිටියවුන් අතුරින් අඩුම තරමින් විසි එක් දෙනකු වත් මරුමුවට පත් වී තිබේ.

අන්දමන් මුහුද
ඡායාරූප ශීර්ෂ වැකිය, අන්දමන් මුහුද

බීබීසී දෙමළ සේවය ට කතා කළ සංචාරක කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ පී විශ්වකන්නන් කියා සිටියේ අගනුවර පෝට් බ්ලෙයාර් සිට ගමන් ආරම්භ කළ ‘ඇක්වා මැරීන්’ නම් සංචාරක බෝට්ටුව ගිලෙන අවස්ථාවේ හතලිස් තුන් දෙනකු වත් සිටි බවට තොරතුරු ලැබී තිබුණු බවයි.

උතුරු අන්දමන් බොක්කේ ගිලුණු යාත්‍රාවේ සිටි දහ තුන් දෙනකුගේ ජීවිත බේරා ගනු ලැබූ බව පැවසු සංචාරක කටයුතු අධ්‍යක්ෂවරයා ඉතිරි අය සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ සේවා රැය පුරා ක්‍රියාත්මක වනු ඇති බවත් පැවසීය.

දිවි ගලවා ගත් සංචාරකයන් සියලු දෙනාම පාහේ තමිල්නාඩුවෙන් පැමිණි බවත් තවත් අය මුම්බායි වාසීන් බවත් අධ්‍යක්ෂ විශ්වකන්නන් වැඩි දුරටත් කියා සිටියේය.