හොංකොං සාප්පු සංකීර්ණයක වැසිකිලියේ ගණිකා නිවසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty
Published
වැසිකිලි ගණනාවක් එක් කොට ගණිකා නිවාසයක් සකස් කොට තිබුණු සාප්පු සංකීර්ණයක් වැටලූ බව හොංකොං පොලිසිය ප්‍රකාශ කරයි.
අසූවකට වැඩි පිරිසක් එම වැටලීමේදී අත් අඩංගුවට ගෙන තිබෙන අතර එයින් පනස් එක් දෙනකුම කාන්තාවන්.
පසුගිය මාස දහය මුළුල්ලේ සාපරාධී කල්ලියක් විසින් එම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇති බවයි, පොලිසිය පවසන්නේ.
අත් අඩංගුවට ගැනුණු කාන්තාවන් ගෙන් වැඩි දෙනා චීනයේ සිට පැමිණ සිටි අයයි.
























