ඇෆ්ඝනිස්තානය: බෝම්බයක් බැඳ ගත් අට හැවිරිදි දැරියක්

Published
මරාගෙන මැරෙන බෝම්බයක් බැඳ ගත් අට හැවිරිදි දැරියක් අත් අඩංගුවට ගත් බව ඇෆ්ඝනිස්තානයේ පොලිසිය පවසයි.
කම්පිතව සහ වික්ෂිප්තව සිටි දැරිය හෙල්මන්ඩ් පළාතේ පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ අත් අඩංගුවට ගත් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කියා සිටියේය.
මරාගෙන මැරෙන කබාය පුපුරුවා හැරීම පිණිස බොත්තම එබීමට ඇයට නොහැකි වූ බවයි, ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ.
තාලිබාන් ව්‍යාපාරයේ ප්‍රධාන පෙළේ නායකයකු බව සැලකෙන ඇයගේ සොහොයුරා විසින් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට දැරිය පොළඹවා ගෙන තිබෙන බවද පොලිසිය පවසයි.






















