අමාත්‍යංශ කිහිපයක් තායි විරෝධතා කරුවන් භාරයේ

Published

රජයට එරෙහි විශ්වාස භංග යෝජනාවක් තායිලන්ත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙද්දී, ඉරිදා පටන් වීදි බැස සිටින දශ ලක්ෂ සංඛ්‍යාත ජනකාය උද්ඝෝෂණය කරන්නේ අගමැතිනි යින්ලුක් ෂිනවත් ට ඉල්ලා අස් වන ලෙස බල කරමින්.

අගමැතිනියගේ ආධාර කරුවන්
ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැතිනියගේ ආධාර කරුවන්

උද්ඝෝෂකයන් අගනුවර පුරා අමාත්‍යංශ කිහිපයක් අත් පත් කොට ගෙන තිබේ.

විරෝධතා කරුවන් පවසන්නේ අගමැතිනිය, විදේශ ගත ව සිටින ඇගේ වැඩිමහල් සොහොයුරු, හිටපු අගමැති තක්ෂින් ෂිනවත් ගේ රූකඩයක් බවයි.

අගමැතිනි යින්ලුක් ෂිනවත් මේ වනවිට අභ්‍යන්තර ආරක්ෂක නීතිය පනවා තිබේ.