ස්කොට්ලන්ත නිදහසේ සැලසුම එලි දැක්වෙයි

Published
එක්සත් රාජධානියෙන් වෙන් ව ස්කොට්ලන්තය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විස්තර දැක්වෙන නිදහසේ සැලසුම ස්කොට්ලන්ත මහ ඇමැති ඇලෙක්ස් සැමන්ඩ් විසින් දියත් කොට තිබේ.
මහ ඇමැතිවරයා පවසන්නේ ස්වාධීන ස්කොට්ලන්තය වෙනම බදු අය කළත්, ස්ටර්ලින් පවුම් මුදල් ඒකකය එලෙසින් ම පවත්වා ගෙන යමින් බ්‍රිතාන්‍ය රැජින රාජ්‍ය නායිකාව ලෙස පිළි ගනිමින්, යුරෝපා සංගමයේ රැඳී සිටින බවයි.
සම්ප්‍රදායික ආරක්ෂණ පද්ධතියක් යොදා ගන්නා නව හමුදාවක් ස්ථාපිත කැරෙන අතර න්‍යෂ්ටික අවියෙන් සන්නද්ධ සබ්මැරීන හමුදා කඳවුරු වලින් ඉවත් කැරෙනු ඇත.
එක්සත් රාජධානියේ කොටසක් ලෙසින් තව දුරටත් සිටින්නේ දැයි විමසන ජනමත විචාරණයක ස්කොට්ලන්ත ජනතාව ලබන වසරේ ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.























