ගැටලුවලට ක්ෂණික විසඳුම් නැහැ - කුර්ෂිඩ්
Published

ඉන්දීයඅගමැති මන්මෝහන් සින් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී නොවුවත් ඉන්දියාව දිගටම ශ්‍රී ලංකාව සමඟ අදහස් දක්වමින් ප්‍රතිචාර ලබා ගන්නා බව ඉන්දීය විදේශ ඇමති සල්මන් කුර්ෂිඩ් ප්‍රකාශ කරයි.
ඔහු එසේ කියා සිටියේ ඉන්දීය අගමැතිවරයා කොළඹ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී නොවීම පිළිබඳව බී බී සී වාර්තාකරු ජේම්ස් රොබින්ස් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.