බලුකිස්තානයේ දුම්රියකට ප්‍රහාරයක්

Published
බලුකිස්තාන් ප්‍රාන්තයේ මගී දුම්රියක බෝම්බ පිපිරීමකින් අඩු තරමින් හත් දෙනකුවත් මරණයට පත්ව තවත් දහදෙනකු තුවාල ලැබ ඇති බව පාකිස්තානයෙන් වාර්තා වෙයි.
ඊද් ආගමික උත්සවයෙන් අනතුරුව සිය ගණනක් මගීන් ද රැගත් දුම්රිය රාවල්පින්ඩි නගරයෙන් පිටත්ව ක්වෙටා නගරය බලායි ධාවනය වෙමින් තිබුණේ.
මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා බලුකිස්තානයෙන් වාර්තාවීම නිතරම මෙන් සිදු වන්නකි.
බලුකිස්තාන් බෙදුම්වාදීන් මෙන් ම ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් ද එම ප්‍රහාර පිටුපස සිටින බවයි පැවසෙන්නේ.
























