පකිස්තානය ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කැඳවයි

Published
පකිස්තාන් බලධාරීන් විසින් ඉස්ලාමාබාද් නගරයේ සිටින ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වාරයා විදේශ අමාත්‍යංශයට කැඳවනු ලැබුණි.
පකිස්තානය පවසන ආකාරයට, කාශ්මීරයේ රඳවා සිටින ඉන්දීය හමුදාව ඔවුන්ට එරෙහිව සිදු වූ කිසිදු පූර්ව කුපිතකාරී ක්‍රියාවකින් තොර ව සිදු කළ වෙඩි තැබීමකින් සාමාන්‍ය වැසියකු මරා දැමීමට විරෝධය පළ කිරීමටයි, එවැනි පියවරක් ගනු ලැබුනේ
මේ අතර දිල්ලි නගරයේ නිලධාරීන් පවසන්නේ,එම වෙඩි තැබීම සිදු වූ දිනයට පෙර දා රාත්‍රියේ එල්ල කෙරුණ වෙඩි තැබීම් සහ දරුණු මෝටාර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය හමුදාවත් ප්‍රතිචාරය පළ කර ඇති බවයි.
කාශ්මීරයේ ගැටුම්කාරී තත්වය පසුගිය සතියේ දරුණු අතට හැරුනේ, තම හමුදා භටයන් පස් දෙනකු මරා දැමු බවට ඉන්දියාව පාකිස්තාන් හමුදාවට චෝදනා කිරීමෙන් පසුවයි.























