සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් තිහක් මරුට

IS

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රක්කා පළාතේ ඇතැම් කොටස් තවමත් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ පාලනයේ පවතී
Published

ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදා එල්ලකළ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් පාසලක් තුළ සිටි පුද්ගලයන් තිහකට වැඩි පිරිසක් මරණයට පත්වූ බව සිරියානු නිරීක්ෂක කණ්ඩායමක් පවසයි.

බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මකවන Syrian Observatory for Human Rights නම් වූ නිරීක්ෂක කණ්ඩායම පවසන්නේ අල් මන්සූරා නගරයට දකුණින් පිහිටි එම ගොඩනැගිල්ල අනාථ භාවයට පත්වූවන් සඳහා මධ්‍යස්ථානයක් ලෙස භාවිත කළ එකක් බවය.

එය රක්කා පළාතේ ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමේ පාලනයේ පවතින කොටසේ පිහිටා ඇත.

අඟහරුවාදා (මාර්තු 21) එල්ලවූ ප්‍රහාරයෙන් පසු මළසිරුරු තිස් තුනක් හමුවී ඇති බව ක්‍රියාධරයෝ පවසති.