කොරියානු නායකයාගේ සොයුරාගේ මරණය: කාන්තාවක් අත්අඩංගුවේ

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
උතුරු කොරියාවේ නායක කිම් ජොන්-උන් ගේ සොයුරාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මැලේසියාවේ පොලිසිය පවසයි.
මරණයට පත් කිම් ජොන්-නම් (Kim Jong-nam) උතුරු කොරියාවේ නායක කිම් ජොන්-උන් ගේ පියාගේ පළමු විවාහයේ එකම දරුවාය.
ක්වාලාලම්පූර් අගනුවරින් පිටත්වීමට තිබූ ගුවන් යානයක ගමන් ගැනීමට නියමිතව සිටි කිම් ජොන්-නම් විෂක් ශරීරගත වීමෙන් මරණයට පත් වී ඇති බව විශ්වාස කෙරේ.



ඡායාරූප මූලාශ්‍රය, AFP
ආරක්ෂක කැමරා ඔස්සේ හඳුනාගත් වියට්නාම ගමන් බලපත්‍රයක් හිමි කාන්තාව එම ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ මරණයට කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ යයි සැකකෙරෙන බව මීට ඉහතදී පොලිසිය පැවසීය.
කිම් ජොන්-නම් ගේ මරණය උතුරු කොරියාව නිල වශයෙන් තහවුරු කොට තිබේ.
























