ජනාධිපතිවරණයට 'සීමාව ඉක්මවා' වියදම් කළ හිටපු ජනපතිට නඩු

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
2012 වසරේ පැවති ජනාධිපතිවරණයට නීතිවිරෝධී ලෙස සීමාව ඉක්මවා වියදම් කිරීමේ වරදට ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එරට නීතිපතිවරයා නඩු පවරයි.
හිටපු ජනාධිපති නිකොලාස් සර්කෝසි සිය ප්‍රචාරක කටයුතු සඳහා වැයකළ මුදලින් ඩොලර් මිලියන විස්සක් සැඟවීම සඳහා ඔහුගේ පක්‍ෂයේ ගිණුම් වාර්තා වංචා සහගත ලෙස වෙනස්කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.
ඒ අනුව, නීතියෙන් ඉඩ දී ඇති සීමාව ඉක්මවා හිටපු ජනාධිපතිවරයා ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කර ඇති බව නීති බලධාරීහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කරන හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ තමා ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවය.
කෙසේ නමුත් පස් වසරක් ප්‍රංශය පාලනය කළ ඔහු එම ජනාධිපතිවරණයෙන් පරාජයට පත්විය.
























