මෙල්බර්න්: පදිකයින් වෙතට රථයක් පදවා තිදෙනකු මරුට

ඡායාරූප මූලාශ්‍රය, Reuters
Published
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සාප්පු සංකීර්ණයක් අසලදී පදිකයින් වෙතට ඕනෑකමින් රථයක් ධාවනය කිරීමෙන් දස හැවිරිදි දරුවකු ඇතුළු තිදෙනෙක් මිය ගියහ.
අවම වශයෙන් 29 දෙනෙකු රෝහල්ගත කෙරුණු අතර ඉන් හය දෙනෙකු බරපතල තත්වයේ පසුවන බව වාර්තාවේ.
'ත්‍රස්ත ප්‍රහාරයක් නොවේ'
වාහන පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය වෙඩි තැබූ අවස්ථාවේ ඔහු තුවාල ලබා තිබේ.
වෙඩි තබා තුවාලකරමින් රියැදුරා මෙල්ල කළ පොලිසිය පැවසුවේ, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
විසිහය හැවිරිදි සැකකරු මීට පෙර ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහර දී ඇති අතර, මේ වසර මුලදී පිහියෙන් ඇනීමක් සම්බන්ධයෙන්ද ඔහු චෝදනා ලබා සිටින බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
සැකකරු කාන්තාවක්ද පැහැරගෙන ගොස් ඇති නමුත්, ඔහුගෙන් බේරී පැන යාමට ඇය සමත් වී තිබේ.























