තරුණ පිරිස් දේශපාලනයට එක්විය යුතුයි - සංගා

Published

තරුණ පිරිස් දේශපාලනයට එක්විය යුතු බව ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියන ආකර්ෂණීය ක්‍රිකට් පිතිකරු කුමාර් සංගක්කාර ප්‍රකාශ කරයි.

ඉතා හොඳින් හිතා බලා රට වෙනුවෙන් සේවය කිරීමට කැපවී ඔවුන් එම තීරණය ගත යුතු බවයි ඔහු කියා සිටින්නේ.

කුමාර් සංගක්කාර ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගනයේ දී බීබීසී සංදේශය වෙනුවෙන් උපාලි ගජනායක සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී කියා සිටියේ තමන් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවක් නැති බවයි.