ලංගම අලාභයට සන්ධානයට නඩු

Published
ඉකුත් ජනාධිපතිවරණයේ දී මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගත් ලංගම බස් රථ සඳහා අය විය යුතු රුපියල් ලක්ෂ 1425 ක මුදල මෙතෙක් නොගෙවා ඇති බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව නඩු පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.
අද බ්‍රහස්පතින්දා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඒ බව ප්‍රකාශ කළේය.
පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ විශාල වශයෙන් යොදා ගෙන ඇති බවත් ඒ සඳහා ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ 1425 ක් වන බවත් අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු අමාත්‍යවරයා විසින් කළින් ප්‍රකාශයට පත් කොට තිබිණ.
























