19 සංශෝධනවලින් කොටසකට එකඟත්වය

ඡායාරූප මූලාශ්‍රය, EPA
Published
19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා වූ යෝජනා අටකින් හයකට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය මේ මොහොත වන විට එකඟ වී තිබේ.
කෙටුම්පත සඳහා වූ යෝජනා දෙකක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම පිණිස ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුව තවදුරටත් සාකච්ඡා කරමින් සිටියි.
ව්‍යවස්ථා සභාවේ සංයුතිය සහ අගමැතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය පත් කිරීම යන වගන්ති දෙකයි මතභේදයට ලක් වී තිබෙන්නේ.
ඉහත කී වගන්ති දෙක බොහෝ දුරට සංශෝධනය විය හැකි අතර එය ජනතා අභිලාෂය නොවන බවයි එක්සත් ජාතික පක්ෂයේ මතය වී ඇත්තේ.
සංශෝධන යෝජනා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ සාකච්ඡා කරමින් සිටිති.
























