තවත් සන්ධාන මන්ත්‍රීවරයෙක් එජාප යට

ඡායාරූප මූලාශ්‍රය, Hunais Farook

Published

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් එක්සත් ජාතික පක්ෂයට එක් වෙයි.

මේ සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට විපක්ෂයට එක්වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහල යයි.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන හා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් අතර හමුවක් ‘සිරිකොත’, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද, බදාදා පැවැත්වුණු අතර එහිදී පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලය පිහිටුවා ගන්නා ලදී.

හුනයිස් ෆාරුක් මන්ත්‍රීවරයා ද මේ අවස්ථාවට එක් විය.