ඌවට තරග කරන්න හරීන් ඉල්ලා අස් වෙයි

Published

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද අඟහරුවාදා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය.

ඔහු ධුරයෙන් ඉල්ලා අස් වූයේ එළඹෙන ඌව පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම සඳහායි.

හරීන් ප්‍රනාන්දු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේය.