අලුත්ගම ගැටුම් පිලිබඳ නවනීදන් පිල්ලේ අනතුරු හඟවයි

ඡායාරූප මූලාශ්‍රය, AP
Published
අලුත්ගම මුස්ලිම් ජනතාව සහ දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් අතර ගැටීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් දැඩි අනතුරු ඇඟවීමේ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
කුඩා ආගමික කණ්ඩායම් ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ යුතු බවට එම ප්‍රකාශයෙන් අවධාරණය කර සිටියි.
ජනතාව කුපිත කිරීමේ ප්‍රකාශ මෙම පහර දීම් වලට පසුබිම වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය පවසන්නේ.
මෙම කලබලකාරී වාතාවරණය මුස්ලිම් ජනතාව වෙසෙන වෙනත් ප්‍රදේශවලත් පැතිරී යා හැකි බවට පිල්ලේ මහත්මිය විසින් අනතුරු ඇඟවීමක් ද කර තිබේ.























