ඉන්දියානු මහ බැංකුව කෝවිල්වල රත්‍රන් සංචිත වලට ඇස ගසයි

රනින් නිම වූ කමිසයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, රනින් නිම වූ කමිසයක්
Published

ඉන්දීය මහ බැංකුව,රටේ කෝවිල් සන්තක සියළුම රත්රන් සංචිත ලේඛනගත කරන මෙන් පොහොසත් හින්දු කෝවිල්වලට දැනුම් දී ඇත.

ඉන්දීය මහා බැංකුව එවැනි පියවරක් ගෙන තිබෙන්නේ,රට දරුණු ආර්ථික අර්බුදයක් සමඟ පොර බදමින් සිටියදී.

බැංකුවේ නිලධාරියෙක් අදහස් දක්වමින්,තම අරමුණ කොතරම් රන් සංචිත කෝවිල් සතුව තිබේද යන්න තක්සේරු කිරීම මිස, ඒවා මිලදී ගැනීම නොවන බවයි කියා සිටියේ.

හින්දු බැතිමතුන් විසින් පරිත්‍යාග කරන ලද රත්රන් ටොන් සිය ගණනක් ඉන්දියාවේ බොහෝ පොහොසත් කෝවිල් සතු ඇති බවයි, වාර්තා වන්නේ.

ලොව රත්රන් වැඩි වශයෙන් පළඳින රට ඉන්දියාවයි.

රත්රන් මිලට ගැනීම රටේ වෙළෙඳ හිඟය උග්‍ර වීමට සහ ඉන්දියානු රුපියලේ වටිනාකම පහත වැටීමට හේතු වී ඇති බවත් ප්‍රකාශ වෙයි.