බීබීසී සිංහල වැඩසටහන් එෆ්.එම් තරංගමාලා ඔස්සේ යළිත්

Published
අගෝස්තු පළමු වෙනිදා, අද පටන් බී.බී.සී. ලෝක සේවයේ සිංහල අංශය, සිරස ගුවන් විදුලිය ඔස්සේ විසුරුවා හරින ප්‍රවෘත්ති සංග්‍රහයට සවන් දීමට ඔබට අවස්ථාව උදා වෙයි.
සිරස් එෆ්.එම් ඔස්සේ විකාශනය කෙරෙන බී.බී.සී ප්‍රවෘත්ති සංග්‍රහයට ශ්‍රී ලංකාවේ මෙන් ම කලාපීය සහ සෙසු ජාත්‍යන්තර ප්‍රධාන පුවත් ඇතුළත් කෙරෙනු ඇත.
බී.බී.සී ලෝක සේවයේ සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා පටන් සිකුරාදා තෙක් සතියේ දිනවල රාත්‍රි දහයයි දහයටයි විකාශනය කෙරෙන්නේ.
බී.බී.සී ලෝක සේවයේ සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය සිරස එෆ්. එම් සේවාවේ විකාශනය වෙන්නේ, 106.5 තරංග මාලා ඔස්සේ.
























