පුළුල් ලෙස බලය විමධ්‍යගත කරන්න - ඉන්දියාව

Published
13 වන ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කරමින් පුළුල් ලෙස බලය විමධ්‍යගත කිරිමේ අවශ්‍යතාව ඉන්දියාව විසින් ප්‍රකාශ කොට තිබේ.
බලය විමධ්‍යගත කිරිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් හමුවූ අවස්තාවේදී දන්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය මගින් වාර්තා කොට ඇත්තේ.
13 වන ව්‍යවස්ථා සංශෝධනය සතු බලතල අඩු කිරීමට පියවර නොගත යුතු බවත් ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් විසින් පෙන්වා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ එරට නායකයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූ බවයි ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් සංදේශයට පැවසුවේ.
























