එල්ටීටීඊ නාම පුවරුව වෙනස් කරන්න - අධිකරණය

Tamil Tigers
ඡායාරූප ශීර්ෂ වැකිය, 2005 වසරේදී පොදු වෙළඳ පොළේ නාමය වෙනස් කොට තිබෙන්නේ, එල්ටීටීඊ යේ නියෝගය පරිදියි
Published

වට්ටුකෝට්ටෙයි සිවන්කෝවිලඩි පොදු වෙළඳ පොළේ නාමය සින්දුපුරම් පොදු වෙළඳ පොළ ලෙසින් මාරු කිරීමට ගෙන තිබූ තීන්දුවක් අහෝසි කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

2005 වසරේදී එම නාමය වෙනස් කොට තිබෙන්නේ, එල්ටීටීඊ සංවිධානයේ නියෝගය පරිදියි.

පොදු වෙළඳ පොළේ නාමය වෙනස් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය චුල්ලිපුරම් ප්‍රාදේශීය සභාවට නියෝග කළේ වට්ටුකෝට්ටෙයි ප්‍රදේශවාසීන් පිරිසක් ගොනු කොට තිබූ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි.

පොදු ස්ථානයක නාමයක් වෙනස් කිරීම පිණිස අදාළ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය අවශ්‍ය බව පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් පෙන්වා දුන්හ.

අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රමුඛ ත්‍රි-පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම විභාග කෙරිණ.