උතුරු පළාත් සභා මැතිවරණය ඊලාම් සැලස්මේ දෙවැනි ආරම්භය - අමාත්‍ය විමල් වීරවංශ

Published

උතුරේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත් එය ඊලාම් සැලස්මේ දෙවැනි ආරම්භය බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කරයි.

එසේම උතුරු හා නැගෙනහිර පළාත් සභා එකාබද්ධ කිරීමේ ප්‍රවනතාවක් එමගින් උද්ගතවනු ඇතැයිද විමල් වීරවංස අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් අමතමින් තවදුරත් ප්‍රකාශ කළේය.

උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එදා එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටි දෙමල ජාතික සන්ධානය බොහෝ දුරට ජය ගැනීමට ඉඩ කඩ ඇති බවත් හෙතෙම පැවසුවේය.

දහ තුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලත් ඉඩම් හා පොලිස් බලතල යලි සංශෝධනය කොට එම බලතල ලඝු කළ යුතු බව පැවසූ විමල් වීරවංස අමාත්‍යවරයා අඩු වශයෙන් එවැනි පියවරකින් හෝ තොරව උතුර පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු බව අවධාරණය කළේය.