පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ශ්‍රී ලංකාවේ, තීරණයේ වෙනසක් නෑ - මහලේකම්

Published

2013 පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නැති බව පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ශර්මා තහවුරු කරයි.

ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලයේ අද (සිකුරාදා) පැවති මාධ්‍ය හමුවකදී මහ ලේකම් කමලේෂ් ශර්මා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර, 2013 පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට විරෝධය පල කිරීම සඳහා සංවිධාන කළ විරෝධතාවක් ද පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණ.