චන්ද්‍රයාන්-3:ඉන්දියාව ඉතිහාසගත වෙමින් චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට සාර්ථකව ගොඩබැස්වූ මොහොත

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න : ඉන්දියාව චන්ද්‍රයාන්-3 සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැස්වූ මොහොත
Published

චන්ද්‍රයාන්-3 යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් අභ්‍යවකාශ යානයක් සාර්ථකව එම කලාපයට ගොඩ බැස්වූ ලොව පළමු රට බවට ඉන්දියාව අගෝස්තු 23 වැනිදා ඉතිහාසගත විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දකුණු අප්‍රිකාවේ සිට බ්‍රික්ස් ජාතීන්ගේ සමුළුවට සහභාගී වන අතර වීඩියෝ තාක්ෂණය හරහා මෙම අවස්ථාවට එක් විය.

'වික්‍රම්' ලෑන්ඩරය සඳ මතුපිටට ගොඩබැස්ස වූ වහාම "ඉන්දියාව දැන් සඳ මත" යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නිවේදනය කරනු ලැබුවේය.

එම සුවිශේෂී අවස්ථාව සජීව ලෙස විකාශය කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබූ අතර එම වීඩියෝව මෙහි අන්තර්ගත වේ.