ත්‍රස්තවාදය වැළක්වීමේ පනත : 'බලය නැති කාලෙට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන රනිල්ගේ දැන් හැසිරීම විහිළු සහගතයි.'
Published
බලය නැති කාලෙට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන රනිල් වික්‍රමසිංහ බලය ලබා ගැනීමෙන් පසු හැසිරීම විහිළුසහගත බව සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව උතුර - දකුණ යා කරන මහජන පෙත්සමට අත්සන් ලබා ගැනීම අද (සැප්තැම්බර් 22) කොළඹදී සිදු කෙරුණු අතර ඒ අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කළාය.
සියලු දිස්ත්‍රික්කවල ජනතාවගෙන් මෙම පෙත්සමට අත්සන් ලබා ගැනීම කන්කසන්තුරයෙන් ආරම්භ වූ අතර ලබන මස දෙවැනිදා හම්බන්තොටින් එය අවසන් කිරීමට සැලසුම්කර තිබේ.
දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් මෙය සංවිධානය කර ඇත.



