ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩිලන්තට එරෙහි නඩුව විභාගයට ගැනීමට අවසර
ජපාන ජාතිකයෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6 ක මුදලක් ලබාගෙන එය සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.
පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන ජපන් ජාතිකයාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට ද කොළඹ මහාධිකරණය නියම කළේය.
ශ්‍රී ලංකාවේ සුපිරි නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා යසුකි නයසාකි නැමැති ජපන් ජාතිකයකුගෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6 ක මුදලක් ලබාගෙන එය ආපසු ලබා නොදී සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබ තිබේ.
අදාළ නඩුව සිකුරාදා (ජනවාරි 12) කැඳ වූ අවස්ථාවේ දී රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩු විභාගය ආරම්භ කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසය.
නඩුවේදී සාක්ෂි දීම පිණිස පැමිණිලිකාර ජපන් ජාතිකයාට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය හරහා සිතාසි නිකුත් කිරීම සඳහා නියෝගයක් ලබාදෙන මෙන් ද රජයේ නීතිඥවරිය ඉල්ලා සිටියාය.
එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ නියෝග නිකුත් කරමින් නඩු විභාගය මැයි 02 වෙනිදා ආරම්භ කිරීමට තීන්දු කළේය.
වෙනත් පුවත්: