ජෝනා ලෝමු 'හකා' උපහාර මැද අවසන් ගමනේ

Published

ජගත් රග්බි ශූරයකු වන ජෝනා ලෝමුගේ අවමංගල්‍ය උත්සවය නවසීලන්තයේදී පැවැත්විණ.

ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාක් ක්‍රීඩාංගණයේ පැවති අනුස්මරණ උළෙල සඳහා නවසීලන්ත ශාන්තිකර දූපත් වාසීන් ඇතුළු දහස් ගණනක් ක්‍රීඩා ලෝලීහු සහභාගී වී සිටියහ.

නවසීලන්ත රග්බි කණ්ඩායමේ හිටපු සාමාජිකයෝ මෞරි ජාතිකයන්ගේ සම්ප්‍රදායික හකා නර්තනය ඉදිරිපත් කරමින් ලෝමුගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වූහ. හිටපු නවසීලන්ත රග්බි ක්‍රීඩක ජෝනා ලෝමු මිය යන විට හතළිස් වන වියේ පසුවිය.

ඔහු දෙදරු පියෙක්.