මැතිවරණ නීති කඩ කිරීමේ පැමිණිලි පනස් හතක්

Published

දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම අවසන් වීමත් සමඟ මැතිවරණ නීති කඩ කිරීමේ පැමිණිලි පනස් හතක් මැතිවරණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පළාත් දෙකෙහි ම රිය පෙරහර සහ පෙළපාලි
ඡායාරූප ශීර්ෂ වැකිය, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පළාත් දෙකෙහි ම රිය පෙරහර සහ පෙළපාලි

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් දකුණු හා බස්නාහිර යන පළාත් දෙකෙහි ම රිය පෙරහර සහ පෙළපාලි පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

කලින් සැලසුම් කර තිබූ පරිදි දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණය එළඹෙන මාර්තු මස 29 වන දින පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.

පළාත් දෙකට බාරදුන් නාම යෝජනා පත්‍ර 129 කින් 123ක් පිළිගත් මැතිවරණ දෙපාර්තමේන්තුව ඒ අනුව නිවේදනය කළේ පළාත් සභා මන්ත්‍රී ධූර 159 සඳහා අපේක්‍ෂකයන් 3794 දෙනෙකු තරඟ කරන බවයි.

හඬ පටයට සවන් දෙන්න.