පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු බෝම්බකරුවන් කවුද?
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉලක්ක කර බෝම්බ ප්‍රහාරය එල්ල කළේ, අහමඩ් මුවාස් නම් පුද්ගලයෙකි. ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගැනුණා.
කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ බෝම්බකරු ලෙස මොහොමඩ් හස්තුන් හඳුනාගෙන තිබෙනවා.
තෙවන ඉලක්කය වූ කිංස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කලේ මොහමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නමැති පුද්ගලයා ය. ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවේ පසුවෙනවා.
සමස්ත ප්රහාරයන්ට වගකිව යුතු ෂැන්ග්‍රි-ලා බෝම්බකරුවන්ගෙන් එක් අයෙකු වන්නේ සහරාන් හෂීම් ය. අනෙක් පුද්ගලයා ඉල්හාම් අහමර්ඩ් මොහොමඩ් ඉබ්රාහිම් ය.
මඩකලපුවේ පිහිටි සියොන් දේවස්ථානයට මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් විසින් බෝම්බ ප්‍රහාරය එල්ල කෙරුණා.
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ඉල්හාම් ගේ වැඩිමහල් සහෝදරයා වන ඉන්ෂාෆ් අහමඩ් ඉබ්‍රාහිම්ය.
කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා හැරීමට අපොහොසත් වූ නමුත් දෙහිවල පිහිටි කුඩා ලැගුම්ගලකදී බෝම්බය පුපුරුවා හැරියේ බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ අබ්දුල් ලතීෆ් ය.
මේ අතර, දෙහිවල මහවිල උද්‍යානයේ නිවසක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ගිය අවස්ථාවේදී ඉල්හාම් ඊබ්රාහිම්ගේ බිරිඳ වූ ෆාතිමා ඊබ්‍රාහිම් බෝම්බයක් පුපුරුවා ගත් අතර, ඉන් පොලිස් නිලධාරීන් තිදෙනෙක්, ෆාතිමා සහ ඇගේ කුසේ සිටි දරුවා මෙන් ම තවත් දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.