අධිකරණ සංකීර්ණයට දැඩි ආරක්ෂාවක්

ඡායාරූප මූලාශ්‍රය, Ishara S. KODIKARA / AFP via Getty Images
කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටා ඇති අධිකරණ සංකීර්ණය වෙත පිවිසෙන මාර්ග සහ ස්ථානවල ආරක්ෂාව තර කර ඇතැයි එහි සිටින බීබීසී සිංහල ඩිජිටල් වාර්තාකරු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සම්පත් දිසානායක පවසනවා.
ඔහු සඳහන් කළේ, වෙන දා මෙන "පහසුවෙන් කෙනෙකුට අධිකරණ සංකීර්ණය වෙත පිවිසීමට නොහැකි" බවයි.
අධිකරණ සංකීර්ණය වෙත ඇතුළු වන පුද්ගලයින් දැඩි පරීක්ෂා කිරීම්වලට ලක් කළ බව ද ඔහු පැවසුවා.
"පොලිසිය, විශේෂ කාර්ය බළකා [සාමාජිකයින්] යොදවමින් ආරක්ෂාව තර කර තිබෙනවා," ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, මෙම නඩු විභාගය වාර්තා කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන්ගේ තොරතුරු ඊයේ පොලිසිය විසින් ලබා ගන්නා ලද අතර එම මාධ්‍යවේදීන්ට පමණක් අධිකරණ පරිශ්‍රයට පැමිණීමට අවසර ලැබෙන බව පොලිසිය පැවසුවා.



