ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

සජීවී., මීගමුව බන්ධනාගාරයේ අද උදෑසන නොසන්සුන්තාවයෙන් 19 දෙනෙක් මරුට

මීගමුව බන්ධනාගාරය තුළ අද උදෑසන ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසීය. මිය ගිය පිරිස අතර නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව ඇය පැවසුවා ය.

සාරාංශය

  • අද උදෑසන නොසන්සුන්තාවයෙන් 8ක් මරුට. තිදෙනෙක් නිලධාරීන්
  • 50කට අධික පිරිසක් මීගමුව රෝහලට
  • බන්ධනාගාරය තුළ වෙඩි හඬවල් ඇසෙන බවට බීබීසී වාර්තාකරු පවසයි
  • විශේෂ කාර්ය බළකා සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් බන්ධනාගාරය තුළට ඇතුළු වෙති
  • ඊයේ දිනයේ ඇතිවූ ගැටුමෙන් දෙදෙනෙකු මිය ගොස් 39 දෙනෙකු තුවාල ලබා තිබිණි

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල කණ්ඩායම මීගමුවේ සහ කොළඹ සිට

  1. Breaking, මිය ගිය ගණන 19ක් දක්වා ඉහළට - මීගමුව රෝහල

    මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව හේතුවෙන් මේ දක්වා 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.

    එම පිරිස අතර නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව ඇය මීට පෙර පැවසුවා.

    ඊයේ ඇති වූ නොසසුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙනෙකු මියගොස් තිබුණා.

  2. තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගුවන් හමුදාව ඩ්‍රෝන යානා සහ හෙලිකොප්ටරයක් යොදවයි

    මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයට අදාළව තොරතුරු රැස් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඩ්‍රෝන යානා දෙකක් සහ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් යොදා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර බීබීසී සිංහල වෙත පැවසුවා.

  3. Breaking, මිය ගිය ගණන 8ක් දක්වා ඉහළට: 50කට අධික පිරිසක් මීගමුව රෝහලට

    මීගමුව බන්ධනාගාරය තුළ අද උදෑසන ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් මේ වන විට 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.

    තුවාල ලැබූ 50කට අධික පිරිසක් මේ වන විට රෝහල්ගත කර ඇති අතර තවදුරටත් තුවාලකරුවන් රෝහල්ගත කෙරෙන බව අධ්‍යක්ෂවරිය පැවසුවා.

    මිය ගිය පිරිස අතර නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

  4. STF සහ පොලිස් නිලධාරීන් බන්ධනාගාරය තුළට ඇතුළු වූ ආකාරය

  5. Breaking, අද උදෑසන නොසන්සුන්තාවයෙන් 5 දෙනෙක් මරුට: නිලධාරීන් තිදෙනෙකුත් ඒ අතර

    අද උදෑසන මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් අවම වශයෙන් 35කට අධික පිරිසක් රෝහල්ගත කර ඇතැයි මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.

    එමෙන් ම අද උදෑසන ඇති වූ තත්ත්වය හේතුවෙන් 5 දෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් අතරින් තිදෙනෙකු "නිලධාරීන්" බවත්, දෙදෙනෙකු රැඳවියන් බවත් ඇය පැවසුවා.

    මේ වන විටත් තවත් තුවාලකරුවන් රෝහල වෙත රැගෙන එන බව පැවසූ ඇය තවදුරටත් සඳහන් කළේ තුවාල ලැබූවන්ගේ තුවාලවල ස්වභාවය මේ දක්වා නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ය.

    ඒ අනුව, මෙම සිද්ධියෙන් මිය ගිය මුළු ගණන 7ක් දක්වා ඉහළ යනවා.

  6. Breaking, බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

    බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් "විශාල පිරිසක්" ඒ අසලට පැමිණ සිටින බවත් මේ වන විට ඔවුන් සහ පොලිසි අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවත් අප වාර්තාකරු පවසනවා.

    ඔහු පැවසුවේ, එම පිරිස බන්ධනාගාරය තුළට එක් පසකින් ඇතුළු වීමට උත්සහ කරන ආකාරය නිරීක්ෂණය වන බව ය.

  7. Breaking, බන්ධනාගාරය තුළට STF සහ පොලිස් නිලධාරීහු ඇතුළු වෙති

    මීට කෙටි වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ කැරළි මර්දන නිලධාරීන් බන්ධනාගාරය තුළට අතුළු වූ බව අප වාර්තාකරු පැවසුවා.

  8. තුවාල ලැබූ බවට සැකකරන කිහිප දෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන එයි

    තුවාල ලැබූ බවට නිරීක්ෂණය වන බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.

  9. මීගමුව බන්ධනාගාරයේ නැවතත් නොසන්සුන්තාවක්

    ඉරිදා දින මීගමුව බන්ධනාගාරය තුළ ඇතිව තිබුණු ගැටුම්කාරී තත්ත්වය සමථයකට පත්ව ඇතැයි බලධාරීන් පැවසුව ද ඒ තුළ යළි නොසන්සුන් තත්ත්වයක් ඇතිව ඇතැයි එහි සිටින බීබීසී සිංහල වාර්තාකරු පවසනවා.

    ඔහු සඳහන් කළේ, බන්ධනාගාරය තුළින් නොනවත්වා වෙඩි ශබ්ද ඇසෙන බවයි.

    තුවාල ලැබූ බවට නිරීක්ෂණය වන බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන ආකාරය දක්නට ලැබුණු බව ද ඔහු පැවසුවා.