තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට
තුවාල ලැබූවන්ගෙන් පිරිසක් මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන විත් තිබෙනවා.
මේ, එම අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප.




මීගමුව බන්ධනාගාරය තුළ අද උදෑසන ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය පැවසුවේ තුවාල ලැබූවන් 100 දෙනෙකුට අධික පිරිසක් මේ වන විට රෝගල්ගත කර ඇති බව ය.
බීබීසී සිංහල කණ්ඩායම මීගමුවේ සහ කොළඹ සිට
තුවාල ලැබූවන්ගෙන් පිරිසක් මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන විත් තිබෙනවා.
මේ, එම අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප.




තුවාල ලැබූ 100 දෙනෙකුට අධික පිරිසක් මේ වන විට රෝහල්ගත කර ඇතැයි මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.
එමෙන් ම, බරපතළ තුවාල ලැබූ ඇතැම් පුද්ගලයින් ප්‍රතිකාර සඳහා වෙනත් රෝහල් වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය බීබීසී සිංහල කළ විමසීමකදී පැවසුවේ සිද්ධියෙන් 25 දෙනෙකු මියගොස් ඇති බවයි. කෙසේ වෙතත්, එම ගණන ඊයේ දින මිය ගිය පුද්ගලයින් දෙදෙනා සමග සමස්ථ මිය ගිය ගණන බව මේ දක්වා ප්‍රකාශ කළ නොහැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවා.
මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව හේතුවෙන් මේ දක්වා 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.
එම පිරිස අතර නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව ඇය මීට පෙර පැවසුවා.
ඊයේ ඇති වූ නොසසුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙනෙකු මියගොස් තිබුණා.

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයට අදාළව තොරතුරු රැස් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඩ්‍රෝන යානා දෙකක් සහ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් යොදා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර බීබීසී සිංහල වෙත පැවසුවා.

මීගමුව බන්ධනාගාරය තුළ අද උදෑසන ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් මේ වන විට 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.
තුවාල ලැබූ 50කට අධික පිරිසක් මේ වන විට රෝහල්ගත කර ඇති අතර තවදුරටත් තුවාලකරුවන් රෝහල්ගත කෙරෙන බව අධ්‍යක්ෂවරිය පැවසුවා.
මිය ගිය පිරිස අතර නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
අද උදෑසන මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් අවම වශයෙන් 35කට අධික පිරිසක් රෝහල්ගත කර ඇතැයි මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.
එමෙන් ම අද උදෑසන ඇති වූ තත්ත්වය හේතුවෙන් 5 දෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් අතරින් තිදෙනෙකු "නිලධාරීන්" බවත්, දෙදෙනෙකු රැඳවියන් බවත් ඇය පැවසුවා.
මේ වන විටත් තවත් තුවාලකරුවන් රෝහල වෙත රැගෙන එන බව පැවසූ ඇය තවදුරටත් සඳහන් කළේ තුවාල ලැබූවන්ගේ තුවාලවල ස්වභාවය මේ දක්වා නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ය.
ඒ අනුව, මෙම සිද්ධියෙන් මිය ගිය මුළු ගණන 7ක් දක්වා ඉහළ යනවා.

බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් "විශාල පිරිසක්" ඒ අසලට පැමිණ සිටින බවත් මේ වන විට ඔවුන් සහ පොලිසි අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවත් අප වාර්තාකරු පවසනවා.
ඔහු පැවසුවේ, එම පිරිස බන්ධනාගාරය තුළට එක් පසකින් ඇතුළු වීමට උත්සහ කරන ආකාරය නිරීක්ෂණය වන බව ය.
මීට කෙටි වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ කැරළි මර්දන නිලධාරීන් බන්ධනාගාරය තුළට අතුළු වූ බව අප වාර්තාකරු පැවසුවා.
තුවාල ලැබූ බවට නිරීක්ෂණය වන බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.


ඉරිදා දින මීගමුව බන්ධනාගාරය තුළ ඇතිව තිබුණු ගැටුම්කාරී තත්ත්වය සමථයකට පත්ව ඇතැයි බලධාරීන් පැවසුව ද ඒ තුළ යළි නොසන්සුන් තත්ත්වයක් ඇතිව ඇතැයි එහි සිටින බීබීසී සිංහල වාර්තාකරු පවසනවා.
ඔහු සඳහන් කළේ, බන්ධනාගාරය තුළින් නොනවත්වා වෙඩි ශබ්ද ඇසෙන බවයි.
තුවාල ලැබූ බවට නිරීක්ෂණය වන බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන ආකාරය දක්නට ලැබුණු බව ද ඔහු පැවසුවා.