AI නිසා බැංකු ක්ෂේත්රයේ රැකියා දහස් ගණනක් කප්පාදු කිරීම් ඇරඹෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, පීටර් හොස්කින්ස්
- Role, ව්‍යාපාරික වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය වැඩි කරමින් රැකියා කප්පාදු කිරීමට දැවැන්ත මූල්‍ය ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව තීරණය කර තිබේ.
එක්සත් රාජධානියේ මූලස්ථානය පිහිටා ඇති මෙම බැංකුව, 2030 වන විට සිය අභ්‍යන්තර කාර්යාල (back‑office) රැකියාවලින් 15%කට වඩා — එනම් රැකියා 7,800ක් — කප්පාදු කරන බව ප්‍රකාශයට පත් කළේ ය.
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ අරමුණ වන්නේ, බලපෑමට ලක්වූ ඇතැම් සේවකයින් එහි වෙනත් රැකියා වෙත මාරු කිරීම බව බීබීසී පුවත් සේවයට හැඟී යයි.
දැනට මිනිසුන් විසින් සිදු කරනු ලබන කාර්යයන් සඳහා AI මෙවලම් වැඩි වැඩියෙන් භාවිත කරන බැවින් ලොව පුරා සමාගම් මෑත මාසවලදී විශාල රැකියා කප්පාදුවක් නිවේදනය කර තිබේ.
රැකියා කපා හරිනු ලබන්නේ කුමන් ක්ෂේත්රවල ද යන්න පිළිබඳව සමාගම විස්තර ලබා දී නැත. එම බැංකුවේ ඉන්දියාව, චීනය, මැලේසියාව සහ පෝලන්තය යන රටවල ප්‍රධාන අභ්‍යන්තර කාර්යාල මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
"අපි මෙහෙයුම් විධිමත් කිරීමට, තීරණ ගැනීම වැඩි දියුණු කිරීමට සහ ගනුදෙනු සේවා සහ අභ්‍යන්තර කාර්යක්ෂමතාව යන්න වැඩි දියුණු කිරීම සඳහා ස්වයංක්‍රීයකරණය, උසස් විශ්ලේෂණ සහ කෘත්‍රිම බුද්ධියේ ප්‍රායෝගික භාවිතයන් යොදා ගන්නා," බව ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
මෙම පියවර, එම බැංකුවේ ආසියාව හා අප්‍රිකාව භාර ප්‍රධාන කාර්යභාර නිලධාරී බිල් වින්ටර්ස්ගේ නවතම ගෝලීය සැලැස්මෙයි කොටසක් ලෙස සැලකේ.
මෙම නිවේදනය හරහා සමාගමේ ලාභ ඉපැයීම ඉහළ දැමීම සඳහා යෝජිත සැලසුම් ද සඳහන් කර ඇත.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෘත්‍රිම බුද්ධිය (AI) මිනිසුන් විසින් දැනට සිදුකරන කාර්යයන් වැඩි වශයෙන් භාර ගන්නා අතර, එම නිසා රැකියා කප්පාදු කරන මූල්‍ය සේවා සමාගමක පළමුවැන්න ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් නොවේ.
පෙබරවාරි මාසයේදී, සිංගප්පූරුවේ විශාලතම බැංකුව වන DBS, ඉදිරි වසර තුන තුළ කොන්ත්‍රාත් හා තාවකාලික රැකියා 4,000ක් කප්පාදු කිරීමට අපේක්ෂා කරන බව පවසීය.
AI සම්බන්ධ රැකියා අහිමිවීම් තාක්ෂණ ක්ෂේත්රයේ සේවකයන්ට ද විශේෂයෙන් ම නව උපාධිධාරීන්ට දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
AI තාක්ෂණය සඳහා මෙවලම් සහ යටිතල පහසුකම් ගොඩනැගීමට විශාල මුදල් වැය කරන විශාල තාක්ෂණ සමාගම් කිහිපයක්, මෙම වසරේ ප්‍රධාන රැකියා රැසක් කප්පාදු සිදු කර ඇත.
අප්‍රේල් මාසයේදී, ෆේස්බුක් සමාගම හිමි Meta සමාගම, AI ව්‍යාපෘති සඳහා ඕනෑ ම කාලයකට වඩා වැඩි මුදලක් වැය කරමින් සිටින අතර, එළඹෙන මාසයේදී රැකියා දහස් ගණනක් කප්පාදු කරන බව ප්‍රකාශ කළේ ය.
සමාගම සේවකයින්ට දැනුම් දී ඇති පරිදි, තම සේවක බළකායේ 10%ක් — එනම් සේවකයින් 8,000ක් — කප්පාදු කිරීමට සැලසුම් කර ඇත. එමෙන් ම, තමන් බහුල ලෙස බඳවා ගනිමින් සිටි විවෘත රැකියා දහස් ගණනක් සඳහා බඳවා ගැනීම් සිදු නොකරන බව ද එම සමාගම සඳහන් කළේ ය.
30,000කට වැඩි සේවකයන් පිරිසක් ඉවත් කරන බව Amazon ජනවාරි මාසයේදී නිවේදනය කළ අතර, Oracle විසින් සේවකයන් 10,000කට වැඩි පිරිසක් ඉවත් කරන ලදී.


































