රිය පැදවූ කාන්තාවකට අතක් නොමැති බව හෙළි වෙයි
රිය පැදවූ කාන්තාවකට අතක් නොමැති බව හෙළි වෙයි
Published
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි පාම් බීච් ප්‍රදේශයේදී රිය පදවන අතරතුර තම දකුණු අතින් ජංගම දුරකථනයක් අල්ලාගෙන සිටි බවට සැකපිට පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකගේ රථය නවත්වා තිබේ.
තමාට දකුණු අතක් නොමැති බව පෙන්වීමට කැත්ලීන් තෝමස් නැමැති මෙම කාන්තාව තම දකුණු බාහුව ඔසවා නිලධාරියාට පෙන්වා තිබුණද, ඇයට එරෙහිව නඩු පවරන ලදී. මෙම සිදුවීම පසුගිය පෙබරවාරි මාසයේදී සිදුව ඇති අතර, මෙම සතියේදී අදාළ නිලධාරියා විසින් එම චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා ඇත.



