අයිෆල් කුළුණට අකුණු සැරයක්
අයිෆල් කුළුණට අකුණු සැරයක්
Published
පැරිස් නුවරට බලපාමින් තිබූ දරුණු අකුණු සහිත කුණාටුවක් අතරතුර අයිෆල් කුළුණට අකුණු සැර වදින මොහොත දැක්වෙන වීඩියෝ දර්ශන නිකුත් වී තිබේ. එය සිදුව ඇත්තේ සෙනසුරාදා (ජූනි 27) යුරෝපය පුරා වාර්තාගත අධික උෂ්ණත්වයක් පැතිර යමින් තිබියදී ය. මේ වන විට යුරෝපයේ මිලියන 150කට ආසන්න පිරිසක් සෙල්සියස් අංශක 35ට වැඩි උෂ්ණත්වයකට මුහුණ දෙමින් සිටිති.



