ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර ඉහළ යාම හමුවේ‍ ප්‍රධාන රෝහල් උපරිම රෝගී ධාරිතාවට

වීඩියෝ ශීර්ෂ වැකිය, ඩෙංගු දෙවන වර ආසාදනය වඩාත් භයානක වෙන්නේ ඇයි?
ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර ඉහළ යාම හමුවේ‍ ප්‍රධාන රෝහල් උපරිම රෝගී ධාරිතාවට
Published

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන අතර, මේ වන විට මරණ 29ක් සහ රෝගීන් 48,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක 14ක් ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක ලෙස මේවන විට හඳුනාගෙන තිබේ.

ඒ අනුව පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීමට කොළඹ නගරයේ ස්ථාන කිහිපයකට බීබීසී අප කණ්ඩායම නිරීක්ෂණ චාරිකාව නිරත විය.

පවතින තත්ත්වය හමුවේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛළු අංශ අවදානම් පරිශ්‍ර දැඩි පරීක්ෂාවට ලක් කරණ අයුරු එහිදී අපට දැක ගත හැකි විය.

ඒ අතරතුර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර බීබීසී සිංහල සමග සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ දෙවන වර වෙනත් ඩෙංගු ප්‍රභේදයක් ආසාදනය වීමෙන් හැකි රෝගය බරපතල විය හැකියි.