පාස්කු ඉරිදා ප්‍රහාරය : සරත් ෆොන්සේකා සහ මෛත්‍රීපාලගේ වාදයකින් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, පාස්කු ප්‍රහාරය : සරත් ෆොන්සේකා සහ මෛත්‍රීපාලගේ වාදයකින් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරය : සරත් ෆොන්සේකා සහ මෛත්‍රීපාලගේ වාදයකින් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
Published

සහරාන්ව මෙහෙයවන ලද්දේ බාහිර බලවේගයකින් බවට තමන් විශ්වාස නොකරන බවත් ඒ මහ මොළකරු රට තුළම සිටින බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (සැප්තැම්බර් 21වැනිදා) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට දින හතරකට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවට ගිය අවස්ථාවේදී සුරේෂ් සලේ හමු වූ බවට තමන් විශ්වාස කරන බවට කළ ප්‍රකාශයත් සමග උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.

පාස්කු ප්‍රහාරය සහ මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා කළ සියලු හිටපු ජනාධිපතවරයා ප්‍රතික්ෂේප කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ පාර්ලිමේන්තු විවාදයේ දෙවන දිනය හෙටයි.