බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ 'නොසන්සුන්තාවක්'
- Author, දිනුක් හේවාවිතාරණ, තාරක සම්මාන්
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ අගෝස්තු 6 රාත්‍රියේ නොසන්සුන්තාවක් හටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් පවසයි.
බීබීසීය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, බන්ධනාගාරයේ E වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් මෙම නොසන්සුන්තාවට හේතු වුණු බවයි.
මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බව ද ඔහු පැවසීය.
මධ්‍යම රාත්‍රී 12:06 පමණ වන විට බන්ධානාගාරය ඉදිරිපිට සහ එම පරිශ්‍රය තුළ හමුදා, පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් රැසක් යොදවා සිටින අයුරු නිරීක්ෂණය විය.































