වසර මිලියන 150ක් පැරණි සිංහරාජයේ 'නොඉඳුල් වනාන්තරයේ' රහස් සොයා ගිය ගමන

වීඩියෝ ශීර්ෂ වැකිය, "ගෙවුණු සියවස තුළ ලංකාවෙන් සොයාගත් එක ම පක්ෂියා වූ පඬුවන් බස්සා හමුවුණේ සිංහරාජයෙන්"
වසර මිලියන 150ක් පැරණි සිංහරාජයේ 'නොඉඳුල් වනාන්තරයේ' රහස් සොයා ගිය ගමන
Published

වසර මිලියන 150කට අධික කාලයක සිට පරිණාමය වෙමින් පවතින, මිනිසුන්ගේ පහස නොලද 'නොඉඳුල් වනාන්තරය' ලෙස හඳුන්වන සිංහරාජය තුළ ඇති ඝන වනාන්තරයට බොහෝ දෙනෙකු තවමත් ගමන් කර නොමැති අතර, ඒ තුළ බොහෝ රහස් සැඟව ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසර 100ක කාලය සැලකීමේදී ශ්‍රී ලංකාවෙන් අලුතින් සොයා ගත් එක ම පක්ෂියා වන පඬුවන් බස්සා (රුපියල් 20 නෝට්ටුවේ දක්නට ලැබෙන) පක්ෂි විද්‍යාඥ දීපාල් වරකාගොඩ පළමු වරට නිරීක්ෂණය කර තිබුණේ ද සිංහරාජ වැසි වනාන්තරය තුළදී ය.

සිංහරාජයේ ජීවත් වන සතුන්ගේ විස්මිත චර්යා රටා කිහිපයක් දැනට හඳුනාගෙන අතර ඉදිරියේදී අනාවරණය කර ගැනීමට තවත් බොහෝ දේ ඇති බව විද්‍යඥයෝ පෙන්වා දෙති.

සිංහරාජයේ වැදගත්කම සහ සැඟවුණු රහස් සොයා BBC ගිය ගමනක තොරතුරු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.

නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම : ෂර්ලි උපුල් කුමාර

කැමරාකරණය : කල්ප අංජිත ගමඇතිගේ

ඩ්‍රෝන දර්ශන : මලීෂ ගුණරත්න සහ කවීෂ ගුණරත්න