පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් 700 කට ආසන්න පිරිසක් තුවාල - අන්තර්වාර ජනපතිනි
වෙනිසියුලාවේ තාවකාලික (අන්තර්වාර) ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් ට අනුව, භූමිකම්පා වලින් අඩුම තරමින් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් ඇති තවත් 700 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මියගිය සංඛ්‍යාව පිළිබඳව ඇය විසින් නිල වශයෙන් ඉදිරිපත් කරන ලද පළමු දත්ත සටහන මෙයයි.
කෙසේ වුවත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි බියක් පවතිනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ මරණ සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවීම සඳහා 44% ක සම්භාවිතාවක් ඇති බවයි.
සිදුව ඇති හානි හේතුවෙන් වෙනිසියුලාවේ ප්‍රධාන ගුවන් තොටුපළ ද වසා දමා තිබෙනවා.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ වෙනිසියුලාවේ සිදුව ඇති භූමිකම්පාවෙන් "විනාශකාරී මරණ සංඛ්‍යාවක්" සමඟ "දැවැන්ත හානියක්" සිදුව ඇති බවයි.
මේ අතර වෙනිසියුලාවේ සහන සේවා සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෛද්‍ය ආධාර සහ සහන සේවා කණ්ඩායම් යොමු කරන බවට පොරොන්දු වී ඇත.